බද්දෙගම පෙද්දුවත්ත ප්රදේශයේදි අද (17දා) රාත්රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
මෙසේ ඝාතනයවී අත්තේ බද්දෙගම පදිංචි විසිහත් හැවිරිදි තරුණයෙකු බව බද්දෙගම පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා අසල්වාසි මළගමකට සහභාගිවී ආපසු සිය නිවස කරා එමින් සිටියදී දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධවලින් පහරදි ඝාතනය කොට ඇති බවද පොලීසිය කියයි. සැකකරුවන් දෙදෙනා ප්රදේශයෙන් පළා ගොස් ඇති බවද පොලීසිය කියයි.
බද්දෙගම පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත සහ බද්දෙගම සරත් ආන්නද