බද්දේගම, ඉදිගස්කැටියේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක පුද්ගලයින් 43දෙනෙකුට කොරොනා ආසාදන වී ඇති බව පසුගිය දින කිහිපයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
කර්මාන්තශාලාවේ 260 දෙනෙකු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණවලින් මොවුන් හදුනාගෙන ඇත. කොරෝනා ආසාදිත පිරිස අතර කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ කිහිපදෙනෙකු සිටින බව පැවසේ.
සෞඛ්‍යය අංශ පවසන්නේ මෙම කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 400ක් පමණ පරීක්ෂණයට භාජනය කිරීමට සැලසුම්කර ඇති බවයි.
සිරංගිකා ලොකුකරවිට