බලන්ගොඩ සිතිගල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු නිවස තුලදි ගෙළ ප්රදේශයට බෝතලයකින් ඇණ ඊයේ (08) දා රාත්රියේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
සිතිගල හන්දිය,රාස්සගල ,බලන්ගොඩ ලිපිනයේ පදිංචි සිටි සිිතගලගේ සුමනසිරි නැමැති 31 හැවිරිදි විවාහ පුද්ගලයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ බිරිඳ වෙනත් ප්රදේශයක ඇගලුම් කම්හලක සේවය කරන අතර ඝාතනයට ලක්වන අවස්ථාවේදි නිවසේ සිට නොමති බවට වාර්තා වේ.
ගෙළ ප්රදේශයට බෝතලයකින් ඇණ බරපතළ තුවාල සිදු කිරිමත් සමග නිවස තුල අධික ලෙස රුධිරය වහනය වි ඇති අතර ප්රදේශවාසින් එක්ව ඔහු රෝහල් ගත කිරිමට කටයුතු කලද එම නිවසේම ඔහු ඒ වන විටත් මියගොස් තිබේ.