කෝවිඩ් 19ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ ඇදන් 100කින් සමන්විත නව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරිමේ කටයුතු පටන් ගත් බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික ,බදුල්ල ශාඛා සභාපති ,ඌව පළාත් සම්බන්ධිකාරක වෙද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .
මෙම නව කොරෝනා ප්‍රතිකාර ඒකකයේ එකවර කොරෝනා ආසාදිතයන් 100කට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට අවශ්‍ය ඇදන් සියයක් තිබෙන බවත් ,ඊට අමතරව කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය පහසුකම් සලසන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්