කොවිඩි අවදානම නිසා තාවකාලිකව වසා දැමූ බණ්ඩාරවෙල එළවළු තොග පොළ මේ මස 10 වැනිදා යළි ආරම්භ කරන බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පැවසීය .
මෙම තොගපොළෙන් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගැනීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස පොළ තාවකාලික වසා දමා ආශ්‍රිතයන් 166 දෙනෙක් හදුනාගෙන ඔවුන් දින 14 කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරිහු කටයුතු කළහ .
ඔවුන් සියලු දෙනා ආසාදිතයන් නොවන බව පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වීම නිසා පොළ යළි විවෘත කිරීමට තීරණය කළ බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර් . දිසානායක මහතා පැවසීය .
විවෘත කිරීමට පෙර පොළභූමිය විෂබීජානුහරණයට ලක් කළ බවත් කොවිඩ් 19 සෞඛ්‍ය උපදේශනයන් අනුව එම නීති වලට අනුකූලව පොළ පවත්වාගෙන යාමට වෙළදුන් එකඟවූ බවත් නගරාධිපතිවරයා පැවසීය .