කොවිඩ් 19 පැතිර යෑමේ අවධානම නිසා බණ්ඩාරවෙල නගරයේදී අද (20දා) දින විෂබීජ නාශක ඉසීමේ කටයුත්තක් සිදුවන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී. මේ අතර ලබන 22 දා පැවැත්වෙන බණ්ඩාරවෙල ඉරිදා පොළ නොපැවැත්විමට බණ්ඩාරවෙල මහා නගර සභාව තීරණය කරතිබේ.
පාලිත ආරියවංශ