බණ්ඩාරගම සෞඛ්‍යයට වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින විසි එකක් තුළදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 410 කු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවිර මහත්මිය පැවසුවාය.
එම දින 21 තුළ දී මරණ 7 ක් වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය කීය.වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම මින් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 31 කි. එම වසමට මේ වන විට සංචරණ සීමා පනවා ඇතැයි හෙතෙම පැවැසීය
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙහි ජනතාවට සයිනොෆාම් එන්නත ලබාදීම පෙරේදා ආරම්භ කළ බවත් ප්‍රථමයෙන් බන්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන්ට මෙන්ම (10) බණ්ඩාරගම නැගෙනහිර ගැලනිගම හා වෑවිට ග්‍රාම සේවා වසම් වල පදිංචි ජනතාවට ලබාදීමට පියවර ගත් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය වැඩිදුරටත් පැවසුවාය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ