බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .
ඉකුත් දෙදිනක තුළ සිදුකළ පි සි ආර් පරීක්ෂණ 630 න් එම ආසාදිතයන් පිරිස වාර්තා විය
ඒ සමගම අටලුගම ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 931 කි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත .
පි සි ආර් පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය කීය
එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු සිදුකරන බවත් අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය