බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 08 දෙනෙකු (29) දින හමුවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
හැටන් දික්ඔය ඉන්ජස්ට්‍රි වත්තෙන් 03 , බගවන්තලාව කර්කස්වොල් මැද කොටසින් 02 , බගවන්තලාව ඉන්වරි වත්ත , පොට්රි වත්ත , ඇන්ෆිල්ඩ් යන වතු වලින් අසාදිතයන් 1 බැගින් හමු වි ඇත.
බගවන්තාලව ඉන්ජස්ට්‍රි වත්තෙන් හමු වු අසාදිතයන් තිදෙනා එකම පවුලේ මව , පුතා සහ දියණිය බවත් ,ඔහුන්ගේ පෙර අසාදියා දියණිය බවත් , ඇය පසුගිය දා කොවිඩ් රෝගින් හමු වු හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කල සේවිකාවකි.
බගවන්තලාව පොට්රි සහ ඉන්වරි වත්තෙන් හමු වු අසාදිතයන් දෙදෙනාද හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන දෙදෙනෙකි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 08 දෙනාගේ ළගම ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
අසාදිතයන් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
මේ වන විට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 55 දෙනෙකු හමු වි ඇත.