බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් පාලනය වන වතු 05කින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 31 දෙනකු අද දින හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් පිරිසක් 22වන දින පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල බවත් එම වාර්ථා 26වන දින ලැබිමෙන් පසු මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය
බගවන්තලාව වතුයායෙන් ආසාදිතයන් 19ක්, ටින්සින් වතුයායෙන් ආසාදිතයන් 01ක්, බොගවාන වතුයායෙන් ආසාදිතයන් 04ක්, කොටියාගල වතුයායෙන් ආසාදිතයන් 06ක්, තෙරේසියා වතුයායෙන් ආසාදිතයන් 01ක් වශයෙන් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවද ඔහු පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා