බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 38 කු ඊයේ (30) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 877 ක් දක්වා ඉහල ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් කියති
ශාන් හුලංනුගේ