බංග්ලාදේශයේ ඊයේ පැවැති යාඥාවක් සඳහා දස දහස් ගණනින් මහජනතාව එක්වීම හේතුවෙන් එරට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට බියක් මතුව තිබේ.
මෙම යාඥාව සඳහා මුස්ලිම්වරු 10,000 ක් රායිපූර් නගරයේ රැස්ව සිටි බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ටෝටා මියා ඒඑෆ්පී ප්රවෘත්ති ඒජන්සියට පවසා තිබේ.
නමුත් සමහර ඇසින් දුටු සාක්ෂිකරුවන් බීබීසී පවුත් සේවයට පවසා ඇත්තේ මෙම සංඛ්‍යාව 30,000 ට ආසන්න බවයි.
මෙම වෛරසය හේතුවෙන් බංග්ලාදේශය සිය පළමු මරණය තහවුරු කිරීමත් සමඟ ලක්ෂ්මිපූර් දිස්ත්‍රික්කයේ රායිපූර් හි ආගමික උත්සවය සිදුවිය. බංග්ලාදේශයේ පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් පරීක්ෂණයෙන් ධනාත්මක වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ප් දේශීය පෙලිස් ප්‍රධානියා පවසා ඇත්තේ කියා සිටියේ උත්සවය පැවැත්වීම සඳහා සංවිධායකයින් බලධාරීන්ගෙන් අවසර ලබා නොගත් බවයි.
බීබීසී බෙංගාලි හි වාර්තාකරු අක්බාර් හුසේන් ප්‍රදේශවාසීන් සම්බන්ධ කරගනිමින් පවසා සිටියේ මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ කුඩා නගරයක කිසියම් බලපෑමක් කළහැකි ආගමික නායකයෙකු විසින් බවයි.
වෛරසයෙන් ආරක්ෂාව ඉල්ලා මෙම යාඥාව පවත්වා ඇති ඇති ඒ සඳහා තමා හා එක්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ. යාඥාවෙන් පසුව ආගමික නායකයා පවසා ඇත්තේ එයට එක්වූ ජනතාව දැන් කොවිඩ් 19 වෛරසයෙන් නිදහස් බවයි.