ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත් නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලේරියාව, කැළණිමුල්ල ප්ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්රියේදී සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 32,28 හා 12 යන වයස්හි පසුවන්නෝ වෙති.