බෝගම්බරින් පැන යාමට තැත් කළ 4ක් අත්අඩංගුවට
- 29 11 2020
- 13:16
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගායේ පවත්වාගෙන යන රිමාන්ඩ් සිරකරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් සිව්දෙනකු (29) මධ්‍යම රාත්‍රියේ එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කොට නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .
මීට ඉහතදී ද එම බන්ධනාගාරයෙන් පිරිසක් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් එක් අයකු වන්දනාකාර බැම්මෙන් පහළට ඇද වැටී මරණයට පත්විය .
සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන අතර බෝගම්බර බන්ධනාගාරයේ මේ වනවිට රැඳවුවන් 310 දෙනකු පමණ සිටින බව ද එහි ප්‍රකාශකයකු පැවසීය .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
