බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 211දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදි ඉන් රැඳවියන් 104 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනෙකු රඳවා සිටින අතර ඔවුන්ට ද කඩිනමින් පි .සි ආර් . පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්රකාශකයකු පැවසීය. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස කඩිනමින් යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද එම ප්රකාශකයා පැවසීය .
බෝගම්බර රඳවා සිටින රැඳවියන්ගෙන් පිරිසක් ඊයේ (17දා) දවල් තමන් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස බලකරමින් වහලය උඩ නැග විරෝධතාවයක ද නිරත වූ අතර ඒ හේතුවෙන් එදිනම රැඳවියන් අතරින් කොටසක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගෙ විරෝධතාවය අතහැර දැමීය.
ෂේන් සෙනෙවිරත්න