බැංකුවට යන බව පවසා ඊයේ (05) දා සවස නිවසින් බැහැරව ගිය කාන්තාවකගේ බවට සැකකෙරෙන මළ සිරුරක් වාලච්චේන නගරයේ සුරතල් මසුන් හා ඇලුමේනියම් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක තිබී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
අදාළ ස්ථානයේ බෑගයක් තුළ මළ සිරුරක් හා තවත් බෑගයක පොහොර තොගයක් තිබී සොයාගෙන තිබේ.
මෙම කාන්තාව ත්‍රි රෝද රථයකින් බැංකුව වෙත ගොස් ඇති අතර එම ත්‍රි රෝද රථයේ රියදුරු විසින් අදාළ බෑග් දෙක වෙළඳසැල වෙත ගෙනවිත් තිබේ.
මෙම රියදුරා විසින් කාන්තාව ඝාතන කර ඇති බවට පොලීසිය සැක කරයි. ත්‍රි රෝද රථයේ රියදුරු හා අදාළ වෙළඳසැලේ හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.