ඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආරම්භ කෙරෙනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
විශේෂයෙන් සේවකයින් වැඩි පිරිසක් පසුගිය කාලය තුළ සිය ගම් බිම් බලා පිටත්ව ගොස් ඇති බවත් ඇඳිරි නීතීය ලිහිල් කර තිබෙන මේ අවස්ථාවේ එම සේවකයින් ඉදිරි දින කිහිපය තුළදී නැවත පැමිණීමෙන් සියළු බේකරි වල නිශ්පාදන කටයුතු යථා තත්වයට පත්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඇඳරි නීතීය පැවැති කාලය තුළ 7000 පමණ වල බේකරි වලින් නිශ්පාදන කටයුතු සිදුකෙරුණේ දහසක පමණ බේකරි වල බවත් එම බේකරි වලද පාන් ඇතුළු බේකරි නිශ්පාදන සිදුවුයේ සීයයට 10 ක පමණ බවද ජයවර්ධන මහතා පැවසීය.