ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන් හී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා බැංකු සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අද පෙන්වා දෙයි.
මේ අතර අද (23) උදෑසන 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු බලධාරීන්ට දැනුම් දී ඇත.
මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතු බවද ඔවුහු පෙන්වා දෙයි.