බැංකුවල ණය පොලී අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ ණය පොලිය අඩු කිරීමට ගතහැකි පියවර සම්බන්ධව ඊට අදාළ ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුල්‍ය මණ්ඩලය, වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
“සියළු දෙනා එකතු වී රටේ ණය පොලිය අඩුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව අප මේ වන විට වාර්තාවක් ද ලබා ගෙන තිබෙනවා. එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට අපි කටයුතු කරනවා.
රටේ බැංකු වල ණය පොලි ගාස්තු අඩුකිරීමටත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්වලට තව දුරටත් සහන ලබා දීමටත් මෙම වැඩසටහන හරහා කටයුතු කරනවා. ඊට අවශ්‍ය නියෝග සහ උපදෙස් ජාතික මුල්‍ය මණ්ඩලය හරහා ඉදිරි සතියේ ලබා දෙනවා.
මේ වැඩසටහන හරහා ව්‍යාපාරිකයන්ගේ ණය බර අඩුවී ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ණය පොලිය වැඩි වන විට ව්‍යාපාර දියුණු කර ගැනීමට අපහසුයි. පසුගිය වසරේ පොලිය අඩු කිරීමට අප තීරණය කර තිබුණත් දින 52 අර්බූදය නිසා එය ඉටු කිරීමට නොහැකි වුණා.
අප මේ වන විට රටේ ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කර තිබෙන නිසා මෙම සහන ජනතාවට ලබාදීමට අපට හැකියාව තිබෙනවා. රට විශාල ණය උගුලක සිරවී තිබුණත් එම ණය ගෙවීමට අප පසුගිය වසර දෙක තුළ අවශ්‍ය පසුබිම සකසා ගත්තා.”