COVID-19 වෛරසය පාලනය සඳහා චීන රජය විසින් බංග්ලාදේශය වෙත වෛද්‍ය උපාංග ලබාදීම සම්බන්ධයෙන් තමන් හදපිරි ස්තූතිය පුද කර සිටින බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා පවසයි. මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත ලිපියක් යවමින් බංග්ලාදේශ අගමැතිනිය මේ ස්තූතිය පුද කර තිබේ.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වා ඇති බංග්ලාදේශ අගමැතිනිය, පෙරනොවූවිරූ අභියෝගාත්මක අවස්ථාවක් වූ මෙම COVID-19 වසංගතය පාලනය සඳහා වන ගෝලීය නායකත්වයන් එක තැනකට කැඳවීමේ අවස්ථාවේ ප්‍රධාන භූමිකාව රඟදක්වන ලෙසටද ඇය චීන ජනපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව, මෙම දරුණු වසංගත තත්ත්වය පාලනය සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම අවශ්‍යව ඇති බවත්, එහිදී බංග්ලාදේශය තුළ මෙම වසංගත තත්ත්වය පරාජයට පත් කිරීම සඳහා චීන ජනාධිපති ෂි ජින්පින්ග් සහ චීන ජනතාව ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් තමන් ගෞරව පූර්ව ස්තූතිය පුද කර සිටින බවත් ඇය පවසා සිටින්නීය.
චීනයෙන් බංග්ලාදේශය වෙත ලැබුණු මෙම වෛද්‍ය උපාංග අතර COVID 19 පරීක්ෂණ උපාංග, මුහුණු ආවරණ, පුද්ගලික ආරක්ෂක ඇඳුම් මෙන්ම අධෝරක්ත උෂ්ණත්වමාන යනාදියද පවතී.
මේ අතර, තම රටට අවශ්‍යව පැවැති මුහුණු ආවරණ සහ පරීක්ෂණ කට්ටල සිය දහස් ගණනක් ප්රදානය කිරීම සම්බන්ධයෙන් චීනයේ ජැක් මා අරමුදල වෙත මෙන්ම අලිබාබා අරමුදල වෙතත් බංග්ලාදේශ අගමැතිනිය සිය ස්තූතිය පුද කර තිබේ.
විශේෂයෙන්ම මෙම ගෝලීය ආපදා අවස්ථාවේදී චීන රජය සහ එහි ජනතාව බංග්ලාදේශයේ ජනතාව සමගින් සිටීම සම්බන්ධයෙන් තමන් පූර්ණ විශ්වාසයෙන් පසුවන බවත් අගමැතිනිය සඳහන් කර තිබේ.
&චීනයෙන් ලැබුණු මේ ආධාරවලින් COVID-19 ආසාදිතයන් නිසි ලෙස හඳුනාගන්න වගේම අපගේ වෛද්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාවත් සපුරන්නත් හැකියාව ලැබෙනවා.* අගමැතිනිය මෙම ලිපියේ පවසා ඇත.
COVID-19 වසංගතයට මුහුණදීමේ සිට එය පාලනය සඳහා දැරූ උත්සාහයේදී චීනය දැක්වූ සාර්ථකත්වය සම්බන්ධයෙන්ද මෙහිදී ඉහළ අගය කිරීමක් සිදු කර ඇති බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසිනා, චීනය මේ මොහොතේදී සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයා ඇති බවත් සඳහන් කර තිබේ..
එසේම බංග්ලාදේශයත් මෙම වසංගත අවස්ථාවේදී එය සාර්ථක කරගැනීම සඳහා චීන අත්දැකීම් යොදා ගන්නා බවත් ඇය චීන ජනපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් පවසා තිබේ.
