නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබියදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
“නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබියදී සොයාගත් අත් බෝම්බය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුරකරමින් පවතිනවා. මෙහි ප්‍රධාන සැකකරුවිසින් කරන ලද අණාවරණය පරිදි ඊයේ දින වයස අවුරුදු 22ක සැකකරුවෙක් ත්‍රිකුණාමලය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වුණා.
මෙම සැකකරු ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර තිබෙන බවට පොලීසිය විසින් සැකකරනවා. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරනවා. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරනු ලබනවා.”