රබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
යම් යම් ගැටළු මතු වුනත් වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවද ඔහු සඳහන් කළා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර විසිපහ සම්පූර්ණ කළ නිළධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කරතිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා.
“මෙම වසරේදී වැවිලි කර්මාන්තය හා කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. මේ මොහොත වන විටත් එම අර්බුද සමතයකට පත්වෙලා නැහැ. ඒ අර්බුද ඇති වුනේ පොහොර තහනම් කිරීමත් සමඟයි. නමුත් අපි ඒ ප්‍රශ්නයට මේ වනවිට විසඳුම් ලබාදී තිබෙනවා. ඒ නිසා පසුබට නොවී වැවිලි කර්මාන්තයේ නියලෙන්න. නමුත් මොන අභියෝග ආවත් ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් කරන්න අපි කැපවෙලා කටයුතු කරනවා
අර්බුද තිබුණත් මෙම වසර වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසරක්. රබර්,පොල් සහ කුරුඳු වලින් මෙම වසරේදී අපි ඇමරිකානු ඩොලර් බිලියන 4 ට ආසන්න අපනයන ආදායමක් ලබනවා. එය තමයි ඉතිහාසයේ අපි ලබන වැඩිම අපනයන ආදායම. තේ කර්මාන්තයෙන් ඉහළ අපනයන ආදායමක් ලබන්න පුළුවන්කම තිබුණත් එය මඟ හැරුණා. නමුත් මෙම වසරේදී තේ කිලෝ මිලියන 305 ක පමණ අස්වනැන්ක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙම වසරේදී මුහුණදුන් ගැටළු මගහරවාගෙන ලබන වසරට අලුත් විදියට මුහුණ දෙන්න අපි සූදානම් වෙමු. ඒ සඳහා රජයක් ලෙස අපි උපරිම සහයලබාදෙන්න සූදානම්.”