මහින්දා ගමනය සිදුව වසර 2329ක් පිරීම සිහිපත් කරමින් අද (21දා) සිට 27 දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වන අතර තුර අනුරාධපුරයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පල කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් අද (21දා) සංවේගයෙන් යුතුව පැවසූහ.
මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම අනුරාධපුර නගරයේ පිහිටි බලපත්‍ර කොන්දේවලට අදාළ සියළුම සුරාසැල් 21දා විවෘතකර තිබූ අතර මත්පැන් මිලදි ගැනීම විශාල පිරිසක් උදෑසන සිට මත්පැන් අලවිකිරිමේ ස්ථාන වලට පැමිණ සිටියහ.
මීට පෙර සෑම වසරකම පොසොන් උත්සව පැවත්වෙන සතිය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම සුරාසැල් හා මස් කඩ තාවකාලිකව වසාදමනා අතර මෙවර අද (21දා) දිනයේ සුරාසැල් විවෘත කර තිබුණි.
“සංචරන සීමා ඉවත් කරනවාත් සමගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් සියල්ල විවෘත කර තිබෙනවා. හරිම සංවේගයක් දැනුණා මොකද ජනතාව සහභාගි නොවුනට මේ පිංකම් පසුගිය වසර තුනේම පැවත්වුණා. රාජ්‍ය පොසොන් උත්සවය කියන්නේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්වුණු දිනයක්.
මෙවර පොසොන් සතියේ තේමාව "ලොව සැම දෙනා සුවපත්නා වේවා" යන්නයි ජ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ උත්සවයට සහභාගි වෙනවා. කොවිඩ් නිසා සංචරන සීමා දැම්මා සුරාසැල් වහලා තිබ්බා කියලා ඒවා පොසොන් සතිය ප්‍රශ්නයක් නෑ. .
සම්බුද්ධ ශාසනයේ මූලාරම්භය සිදු වූ දිස්ත්‍රික්කයෙන් මේ පූර්වාදර්ශය රටට ගියාම ඉදිරි වසර වල පොසොන් සතියට මස් කඩ සුරාසැල් සියල්ල විවෘත වෙයි.පළාතේ පාලකයෝ මේ ආකාරයට කටයුතු කිරීම පිළිබදව ඇත්තේ හරිම කණගාටුවක්.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති පොසොන් කමිටුවේ සභාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසීය.
මෙවර පොසොන් සතියක් නෑ. ජනතාව ඒක රාශිවීමක් නැහැ.බපොසොන් සතියක් පැවත්වුවා නම් මේ කරපු දේ වැරදියි. පොසොන් කමිටුවේ සභාපතිවරයා හැටියට කිසිම පිංකමක් සංවිධානය කරලා නෑ. ජනතාවට. කිසිම පුද්ගලයෙකුගේ සහභාගිත්වයක් නැතුව තමයි මෙවර පොසොන් චාරිත්‍ර සිදුවෙන්නේ. සුරාසැල් විවෘත කිරීම වැරදි නැහැ. සුරා සැල් වසා දැමීම සම්බන්ධයෙන් පොසොන් කමිටුව රැස්ව මෙවර තීරණයක් ගෙන නැහැ”
අනුරාධපුර බී.ජී. චතුරංග