ශ්‍රී ලංකා පොලීසිය (පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළත්ව) සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයට අනුව එම නිලධාරීන් නැවත සේවයට බඳවා ගැනීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි රජය නිවේදනය කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. එසේම ඒ සඳහා අභියාචනා කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති බවත් එම අභියාචනා මේ මස 17 වැනිදාට ප්‍රථමව අතිරේක ලේකම් (නීතිය හා සාමය) ආරක්ධක අමාත්‍යාංශය, 14 වැනි මහළ, සුහුරුපාය බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතු බවද රජය නිවේදනය කරයි.