පොලිස් දුක්ගැනවිලි විමසීමට පොලීසියෙන් වැඩපිලිවෙලක්
ශ්‍රී ලංකා පොලීසියේ නව පරිපාලන ව්‍යුහය අනුව දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාශය ප්‍රතිව්‍යහගත කිරීම හා ප්‍රදේශීය වශයෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසඳී සඳහා නව යාන්ත්‍රණයක් සකස් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසය භාර අධ්යක්ෂවරයා පොලිස් ඔම්බුස්මන්වරයා ලෙස හඳුන්වනු ලබව අතර පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි පිලිබඳ කටයුතු කිරීම මෙන්ම පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලබන රාජකාරි නියෝග අනුව කටයුතු කිරීම ඔහුගේ රාජකාරි වගකීම හා කාර්යභාරය බව පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කරයි.
එමෙන්ම පළාත් මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විසඳීම සඳහා පළාත් දුක්ගැනවිලි සම්බන්ධීකරන නිලධාරීයෙකුද, ප්‍රාදේශීය හා ක්‍රියාකාරි කොට්ඨාස මට්ටමින් පොලිස් නිලධාරින්ගේ ගැටළු විසඳීම සඳහා කොට්ඨාස දුක්ගැනවිලි සම්බන්ධීකරණ නිලධාරියෙකු මෙන්ම ප්‍රාදේශීයය මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ ගැටළු සන්නිවේදනය සඳහා පොලිස් ස්ථාන දුක් ගැනයිලි සම්බන්ධීකරණ නිලධාරීන් පත් කරෙන බවත් සෑම මසකට වරක් තොරාගත් දිනයක පළාත් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් දුක්ගැනවිලි දිනය පැවැති විය යුතු අතර ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් සෑම සතියකම එක් දිනයක් දුක් ගැනවිලි දිනය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පොලිස් දුකගැනවිලි කොට්ඨාශය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති අතර පොලිස් මූලස්ථානයේ දුක්ගැනිවිලි විසඳුම් දිනයක් සෑම සතියකම සිකුරාදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් පොලිස් නිලධාරියෙකුගේ දුක්ගැනවිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත යොමු කරවීම සඳහා පොලිස්පති සහන මැදිරිය මගින් අවස්ථාව සලසා දී ඇති බවත් පොලීසිය නිවේදනයක් මගින් දන්වා ඇත.
popular news
-
බී එම් ඉශාන් මධුමල් Wednesday, 22 June 2022 04:24 AM
polispathi thumani ma adunika police kosthapal warayeku we. ma denata ruwanwella police sthanayata aniyukthawa sewaya karanu labai, mage lipinaya wanne waththegedara widurupola keppetipola padinchiwa sitiy mage paule math mage mawath jeewath we.mage mawa wakugadu asannepayen pelenu labai, mage mawage asannepathathwaya nisath mage mawa rekabalagenimata kauruth nethi nisath ma hata sthanamaruwak awashawa atha.me pilibadawa soya bala mahata mage police wasama wana welimada police wasama ho nuwara eliya police wasama sadaha sthana maruwak labadenamen karunikawa illa sitimi.
Reply : 0 0
එච්.එම්.එස්.එම්.කුමාර Monday, 01 August 2022 07:31 AM
ආ.පො.කො.97709 කුමාර පොලිස් ස්ථානය , නෝටන් බ්‍රිජ් . 2022.08.01 පොලිස්පති තුමනි, මා.ආධුනික පොලිස් කොස්තාපල් වරයකු වේ.මා දැනට නෝටන් බ්‍රිජ් පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලබන අතර මාගේ ලිපිනය වනුයේ .20බි කනේගලමුල්ල ,පොල්ගහපිටිය ,බකිණිගහවෙල ,මැදගම වේ.මගේ පවුලේ මාගේ පියා,මව,මාගේ නැගනිය.පමණක් සිටී.හදිසියේ සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් .මාගේ පියාගේ මොලයෙහි සිදු කල ශල්‍යකර්මයක් හේතුවෙන් දැනට මාගේ පියා නිවසෙහි එක් තැන් වී සිටී..මාගේ පියානන්ට කතා කිරීමේ ඇවිදීමේ හැකියාවද අහිමිව ඇත.පියාගේ පුද්ගලික කාර්යන් පවා ඔහුට සිදු කර ගැනීමට නොහැකි වී ඇත.මාගේ නැගනියද පාසල් අධ්‍යාපන හදාරන අතර මෙවර අ.පො.ස.සාමාන්‍යපෙළ විබාගයට පෙනී සිටීමට ඇත.පියාගේ සුවදුක් මාගේ මව සිදුකරන අතර .ඇයටද තනිව සිදු කිරීමට අපහසු කාර්යකි.පියාගේ ලග සිට ඔහුට උපස්තාන කිරීමට මා අවශ්‍ය වී ඇත ඉහ කරුනු සම්බන්ධයෙන් මාහට සානු කම්පිතව සලකා බලා මාගේ පොලිස් වසම වන මැදගම ට ආසන්න ,මොනරාගල ,බිබිල යන පොලිස් ස්ථානයකට තාවකාලික හෝ ස්ථාන මාරු වීමක් ලබා දෙන මෙන්.ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

