විදුලි සැරෙන් තම දරුවා බේරා ගැනීම සඳහා කටයුතු කල පියෙක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය සඳහන් කරයි.
කුඹුක්අතුර ප්රදේශයේදී මියගිය පුද්ගලයාගේ නිවසට වතුර ගැනීමට යොදා තිබූ මෝටරයට සවිකල විදුලි වයරයක් අසල ඇලට වැටී ඇති අතර මියගිය පුද්ගලයාගේ 11 හැවිරිදි දරුවා එය ඇල්ලීමට ගොස් ඇති අතර ඒ බව දුටු පියා විසින් වහා මැදිහත් වී ඇලට පැන දරුවා බේරාගැනීමට ක්රියාකර තිබේ.
එහිදි අදාල පුද්ගලයාට විදුලි සැර වැදි මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
විදුලි සැර වැදුණු දරුවාද මේ වනවිට ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලීසිය පවසයි.