පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
ආපදා කළමණාකරන ඒකකය පවසන්නේ මෙම සුළග ආණමඩුව , පුත්තලම ,කරුවලගස්වැව , නවගත්තේගම ,යන ප්‍රදේශ වෙත 15 සවස 4 ට පමණ හමා යාමෙන් බරපතළ හානි සිදුව ඇති බවයි .
සුළි සුළගත් සමග නවගත්තේගම ප්‍රදේශයට අයිස් වැස්සක්ද පතිත වි ඇති බව ජනතාව පවසයි.
ගස් ඉදිරි ගොස් නිවෙස් මතට කඩා වැඩි විශාල හානි සිදුව බව ජනතාව පවසයි .
එසේම මෙම සුළග හේතුවෙන් මාර්ග වල ගස් අධිබල විදුලි පද්ධති හා ග්‍රාමිය විදුලි පද්ධති මතට කඩා වැටිමෙන් ගම්මාන 40 ක පමණ පවුල් 15,000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සම්පුර්ණයෙන් නැවති ඇති බව ආණමඩුව හා පුත්තලම විදුලි බල මණ්ඩල නඩත්තු අංශ පවසයි .
සුළි සුළගින් සවස් වන විට නිවාස 300 කට ආසන්න සංඛ්‍යාවක් ආපදා සහන නිලධාරින් ,ග්‍රාම නිලධාරින් ගණන් බලා ඇතත් එය වැඩි විය හැකි බවද වාර්තා වේ .
සුළග හේතුවෙන් වගා බිම් රැසක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවින් පවසති.
එසේම නවගත්තේගම වේලේවැව ප්‍රදේශයේ දැවැන්ත ගොඩනැගිල්ලක වහලය දැවැන්ත යකඩ කාප්ප ද සමග මිටර් 200 දුරට ගසා ගෙන ගොස් තිබෙනු දැක ගත හැකි විනි .
ආපදාවෙන් පිඩාවන්ට පත්වු පිරිස වෙත කඩිනම්න් සහන සැලසිමට රාජ්‍ය නිලධාරින් කටයුතු ගනිමින් තිබුනී.
