පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වන විට ප්‍රා.ලේකම් කෝට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මුන්දලම, කරුවලගස්වැව ,වනාතවිල්ලුව ,පල්ලම සහ නාත්තණ්කුඩිය යන ප්‍රදේශිය ලෙක්ම් කෙට්ඨාස පහ තුළ මෙම තත්ත්වය ඇති වි ඇත.
මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව ධිවර ගම්මානයේ නිවාස 61ක කට දැඩි සුළඟ නිසා හානි සිදු වි එම පවුල්ද වනාතවිල්ලුව පවුල් 12ක්ද අවතැන් වි ඇත.
උඩප්පුව දෙමළ මහ විදුහලේ වැසිකිළි පද්ධතියට දැඩි ලෙසින් හානි සිදු වි ඇත.
