පිටරටින් හාල් ගෙන්වන්න තීරණය කළේ කැමැත්තෙන් නෙමෙයි
සහල් ආනයනය කිරීමට ගත් තීරණය කැමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් නොවන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසා සිටියි.
“අපි ඊයේ තීන්දුවක් ගත්තා පිටරටින් සහල් ගෙන්වන්න. ඒක ඇත්තමට අපි කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. ජනාධිපතිතුමා හුඟාක් අවස්ථාවල සහල් ගෙවන්න ඕනේ අවස්ථාවල සහල් ගෙනාවේ නැහැ. ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න කොට වී කිලෝ එකක් ගත්තේ තිබ්බ රු. 32ට.අපි 52 ක් කරා. අපි රු. 20 කින් වැඩි කරා. නමුත් වී අළෙවි මණ්ඩලයට දුන්නේ නැහැ. වෙළෙන්දො වැඩි මිලට ගත්තා. අපි ඒක නරකයි කියලා කියන්නේ නැහැ, ගොවියාට වාසි වෙන එක. පස්සේ අපි 55 කරා. ගොවියා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ගොවියා මෝල්හිමියන් අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න බැරි වුණා. දැන් පෝලිම් පෙන්නවා. සහල්වලට පෝලිම්වල ඉන්න ඕනේ නැහැ. අපි ප්‍රතිපත්තියක් විදියට පුළුවන් තරම් කල් රැක ගෙන හිටියා. බැරිම තැන තමයි මේ කටයුත්ත කරන්න තීරණය කරේ. යම්කිසි විදියකට වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට හාල් ගේන එක අඩු කරන්න පුළුවන්” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

