බස්නාහිර පළාත තුල පැය විසි හතරක් තුළ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයන් 1662 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
එම සැකකරුවන් අතර අධිකරණය මඟහැර සිටි පුද්ගලයන් මත්කුඩු ජාවාරම්කරුවන් හා විවිධ අපරාධ වලට සම්බන්ධ වූ අය සිටින බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදු කෙරුණි.
