පැය 24ක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 488ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අ (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 51 ක්, දිවුලපිටිය - 44 ක්, මහර - 41 ක්, මීරිගම - 38 ක්, කටාන - 36 ක්, ජාඇල - 33 ක්, අත්තනගල්ල - 31 ක්, දොම්පෙ - 30 ක්, කැලණිය - 28 ක්, මීගමුව - 23 ක්, මිනුවන්ගොඩ සහ සීදූව කොට්ඨාසයන්ගෙන් 22 දෙනෙකු බැගින්, ගම්පහ - 16 ක් සහ රාගම 6 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 39 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් 25 ක්, බියගමින් 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 තුල ආසාදිතයින් 356 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,379 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කාර්යාලය සදහන් කරයි.
තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

