පාහියන්ගලින් ලෝක ඉතිහාසය වෙනස් වෙයි
මීට වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ විසූ මානවයින් සත්ව ඇටකටු වලින් මෙවලම් සකස් කර වඳුරන් හා ලේනුන් දඩයම් කිරීමට යොදා ගෙන ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙය අප්‍රිකාවෙන් පිටත මේ දක්වා දුනු හා ඊතල තාක්ෂණය පිළිබඳ පැරණිතම සාක්ෂිය බවද එම අධ්‍යනය සඳහන් කරියි.
පසුගිය වසරේදී පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාහියංගල ලෙනෙන් සොයාගත් වඳුරන් සහ ලේනුන්ගේ ඇටකටු විශ්ලේෂණය කර මෙම නිගමනවලට එළැඹ තිබේ.
මෙම ගුහාව දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල පෙනුම ඇති ස්ථානය ද වේ. මීට වසර 4,000 ත් 48,000 ත් අතර කාල වකවානු හතරක් තුළ මිනිසුන් මෙම ප්‍රදේශය අත්කරගෙන ඇති බවට සාක්ෂි පවතී.
ගුහාවේ ඇති සමහර ඇටකටු මෙවලම් බවට පත් කර ඇති අතර, පර්යේෂකයන් ඒවා විශ්ලේෂණය කරමින් වැසි වනාන්තරයේ වේගයෙන් ගමන් කරන කුඩා සතුන් සාර්ථකව දඩයම් කිරීමට මුල් මුතුන් මිත්තන් සමත් වූයේ කෙසේද යන්න හදාරා තිබේ.


popular news
-
ඉලේපෙරුම Saturday, 13 June 2020 06:35 PM
මේ ගමේ නියම නම පාහිංගල (හිඳුරංගල, දෑරංගල, පිදුරංගල, කඩිහිංගල වගේ මීට සමාන ස්වරූපයේ තව ගම් කිහිපයක් තිබෙනවා). අනුරාධපුර යුගයේ ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි මේ පාහිංගල ගමට පැමිණී බවට කිසිම ඓතිහාසික සාධකයක් නෑ. ඒ හාමුදුරුවෝ ඒ කාලේ අනුරාධපුර මහා විහාරයෙහි ඉගෙනීමට පැමිණි විශාල ගණනක් වූ විදේශ සිසුන් අතරින් එක් අයෙක් පමණයි. පාහිංගල ගම පාහියංගල ලෙස වෙනස් කර ගෙන තිබීම නිවැරැදි කළ යුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

