පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හඳුනා ගනියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා.
නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී
නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.
සහරාන්ලා මරාගෙන මැරුණා. මේ ගැන සඟවන්නට අයිතියක් නෑ. දැනටමත් අධිකරණ කටයුතු සඳහා ගොනු යොමුකර තිබෙනවා. දැනට 32ක් රිමාන්ඩ් භාරයේ සිටිනවා.
විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යනවා. අපි තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා”
popular news
-
Demuni Uduwara Wednesday, 07 April 2021 03:52 AM
Mr. Defence Minister, you have become a joker.
Reply : 0 0
ase Wednesday, 07 April 2021 09:42 AM
යුරේකා යුරේකා මෙන්න මෙයා තවත් දෙයක් සොයාගෙන, පොලිස් කට උත්තර ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

