පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළ 2021.10.01 දින ඉදිකිරීම් ආරම්භ කරමින්ය. මෙය ඉදිකෙරෙන්නේ මාදිවල ප්‍රජා මණ්ඩලයේ ඉල්ලීම මත, වස විස නැති එළවලු, පළතුරු, ස්වයං රැකියා නිෂ්පාදන අලෙවි කරගැනීමට අවස්ථාව ජනාතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිවය.