පාර්ලිමේන්තුව කැඳවීම කාලෝචිත පියවරයි
රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමින්ද, එවන් කැඳවීමකදී වසංගත උවදුර ජයගැනීම සඳහා රජයට පුුර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර ඇති යෝජනාව මෙම අර්බුදය විසඳීමට සියලු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි කාලෝචිත පියවරක් බව තම හැඟීම බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එහිලා වු යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කිසිදු පැකිලිමකින් තොරව හිටපු කථානායකවරයා ලෙස තම සහය ලබාදෙන බවත් කිසිඳු විටෙක තමා පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමක් නොවන බවත් සද්භාවයෙන් හා පිරිසිදු සිතින් යුතුව රටේ යහපත වෙනුවෙන් කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.
තම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයක් බවත් තමා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට දායක නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණයේ තීරණ ප්‍රකාරව කටයුතු කිරිමට බැඳි සිටින බවත් ප්‍රකාශ කරන්නේ යැයිද ඔහු සඳහන් කරයි.
popular news
-
Lelwala Saturday, 02 May 2020 08:06 PM
මේ රට අවුල් ජාලාවක් කර ප්‍රදාන හවුල් කරුවෙක්. මොහු ගෙන් රටට ජාතියට සේවයක් වේවි කියල හිතන්න පුළුවන් ද ?
Reply : 0 0
දසුන් Sunday, 03 May 2020 07:54 AM
රැකියා හිඟයට පිළියමක් හොයන්න හිතුනා වගෙයි.
Reply : 0 0
Deepal Nirosh Sunday, 03 May 2020 03:29 PM
අනේ මේ කරු... ආයිමත් ටික ටික කීකරු වෙන්න වගෙයි හදන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

