රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වනු තුරු අත්හිටුවීමට මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා(30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය දරණ අනුරුද්ධ පාදෙනිය මහතාගේ ධූරය දැරීම තහනමට ලක් වනු ඇත
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ නිලතල දරන සාමාජිකයින් දහනවදෙනෙකුට එරෙහිව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ටී.ඩබ්ලිව්.එම්.ඒ ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍යය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක(වතු හා නාගරික සෞඛ්‍ය) වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා විසින් මොරටු දිසා අධිකරණයට ගොණුකළ පැමිණිල්ලකට අනුවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ධුරකාලය අවසන්ව ඇති පසුබිමක නිලධාරින් එම ධුර දැරීම නීති වීරෝධි බව සහ තම නාම යෝජනා ප්රකින්ශේප කිරීමට එරෙහිව ජයරුවන් බණ්ඩාර මහතා පැමිනිල්ල සිදුකර තිබු අතර ඊට අදාල කරැණු දැක්වීම ඉකුත් ජුලි 23 වැනිදින මොරටු අධිකරණයේදී සිදු කෙරිණි.
වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතාද තවත් නඩුවකින් ජුලි විසිනව වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව අධිකරණයට කරැණු දැක්වීය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහිව ඉහත සඳහන් නඩු දෙකම එකකට එකක් සම්බන්ධ නඩු වන බැවින් නඩු දෙකම එකම දින විභාගයට ගැනීමට මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා මීට පෙර නඩු වාරයකදී නියෝග කොට තිබුණි.
අදාල අධිකරණ නියෝගයට අනුව සාමාජික මුදල් රැස් කිරීම නීති ගාස්තු අයකිරීම,ශාඛා සමිති නිලවරණ පැවැත්වීම නිල නාමය භාවිත කිරීම සංගමය නමින් පෙනී සිටීමද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට තහනම් කර තිබේ
මෙම පැමිණිල්ල ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා සහ නීතිඥයන් සම්පත් විජේවර්ධන, නීතිඥ සඳමාල් රාජපක්ෂ යන මහහත්වරු ඇතුලු නිතිඥ කණ්ඩායමක් අධිකරණට ඉදිරිපත් කරනු ලැබීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ව්‍යවස්ථාවේ අතිරේක ප්‍රතිපාදන අනුව අතුරු කමිටුව පත් කිරීමකින් තොරව නිලවරණය පැවැත්වීමට සුදානම් වීම.
පසුගිය වර්ෂයේ පත්කරනු ලැබූ නිලයන් එම ධුරයන් හි කටයුතු කිරීම නීති විරෝධී බවත් එම ධුරයන්හී කාලය අවසන්ව වී ඇති බවද
අලුත් නාමයෝජනා කැඳවීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කටයුතු කිරීම අසාධාරණ බවද
නිතිඥවරු අධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලේ සඳහන්ව ඇත.
විත්තිකාර පාර්ශවයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් මාරපන මහතා ,නීතිඥ රවීන්ද්‍ර දාබරේ යන මහත්වරු ද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් දිසාවිනිසුරුවරයා ඉහත නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම නඩු විභාගය දෙසැම්බර් දහ වෙනි දින යළි කැඳවීමට නියමිතය
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා