පා සටහනෙන් දඹුල්ල පොලීසිය සොරෙකු අල්ලයි
නිවසක් බිඳ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ගෘහ උපකරණ තොගයක් සොරාගත් සැකකරුවෙකු මාස තුනකට සොරාගත් භාණ්ඩ තොගය සමගින් අද (24දා) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
සැකකරු දඹුල්ල පහළ ඇරැවුල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
පසුගිය ජුනි මස 03 වැනිද දඹුල්ල පහල ඇරැවුල ප්‍රදේශයේ නිවසක තිබූ භාණ්ඩ තොගයක් සොරාගත් බවට දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් මත එම නිවසේ මිදුල පරීක්ෂා කිරීමේදී පා සටහන් උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාසයේ සිදුවූ සොරකමක් පිළිබඳව පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිපූ අතර, එම සැකකරුගේ හා මීට මාස 03කට ඉහත සොරාගත් නිවසේ මිදුලේ පා සටහන් සාමනතාවක් දැක්වූයෙන් විද්‍යාත්මක පරීක්ෂණයකින් පසුව නැවත වරක් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගන්නා ගෘහභාණ්ඩ ජංගම දුරකථන ආදී සියලුම භාණ්ඩ පොලිස් බාරයට ගෙන තිබේ.
සොරාගන්නා ලද භාණ්ඩ බකමූණ ප්‍රදේශයේ යුද හමුදාවේ විශ්‍රාම ගිය ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
එස්.කරුණාරත්න


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

