ගාල්ල මහ මෝදර මාතෘරෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් අධිකරණ ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාකාර ආඥා පනතේ කාර්යයන් සඳහා මහ මෝදර මාතෘරෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදයක් මගින් නියම කොට ඇත.
මහමෝදර මාතෘ රෝහලේ ගොඩනැගිලි දැනට වසර කිහිපයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා තිබුණි.ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල තැපැල් කාර්යාලය සහ ගාල්ල පොලිසිය මහ මෝදර ප්‍රදේශයට රැගෙන යාමට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ද අනුමැතිය හිමිව තිබුණි.
එමෙන්ම ගාල්ල බන්ධනාගාර ආශ්රිත භූමිය තුල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ගාල්ල නව නගර සංවර්ධන සැලැස්ම යටතේ යෝජනා වී ඇත.
