ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
අද පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වලංගු වෙයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.