එළැඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ අයටද සමගි ජන බලවේගයට එක්විය හැකි බවත් එහිදී දූෂිතයන්ට අවස්ථාව නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.