බක්පුර පසළොස්වක පොහොය යෙදුන අද (26දා) දහවල් වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්, රුවන්වැලි සෑ රදුන් ඇතුළු අටමස්ථාන පූජා භූමිය පාළුවට ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.
පැතිර යන වසංගත රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අනුරාධපුර පූජා නගරයට පැමිණීමෙන් වලකින ලෙස මහා සංඝරත්නය විසින් පසුගියදා බැතිමතුන්ගෙන් කරන ලද ඉල්ලීම හේතුවෙන් මෙසේ බැතිමතුන්ගේ අඩුවීමක් දක්නට අතර, එහෙත් පූජා නගරයේ ඇතැම් ස්ථානවල බස්නාහිර දකුණ, ඌව පළාත් වල අංක තහඩු සහිත වන්දනා බස්රථද දැකගත හැකිවිය.
මෙහිදී පූජා නගරයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් පැවසුවේ පසුගිය 24, 25 දෙදින දුර ප්‍රදේශවල සිට බැතිමතුන් පැමිණියද පොහොය යෙදුන අද (26) බැතිමතුන් සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බවය.
ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලිසෑයට ඇතුළු වන ස්ථානවල කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙන ආකාරය ද මෙහි දී දැකගත හැකි විය.