මන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්රදේශයන් දින දෙකක සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1843 ක් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග තලෙයිමන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය හා එක්ව මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්රදේශයන්හි ඊයේ (25) සහ පෙරේදා යන දිනයන්හි සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් වලදී මෙලෙස නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් හක් බෙල්ලන් 1550 ක් සහ 284 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අදාල හක්බෙල්ලන් සැකකරුවන් විසින් ඉතා සූක්ෂමව පොළව යට වලදමා තිබියදී සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
අත්අඩංගුවට පත් සැකකරුන් වයස අවුරුදු 32ක් වන එම ප්රදේශයන්හිම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් දෙදෙනා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.