පිළියන්දල පොලිස් වසමේ සංවර්ධන නිලධාරිනියකට පහර දීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
දෑල්තර බටහිර වසමේ සංවර්ධන නිලධාරිනියකට මෙසේ පහරදී ඇති අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ට අදාළ වියළි ආහාර සළාක මලු බෙදාදීමේ වැඩසටහනක් නිමරක පැමිණෙමින් සිටින විට ඇයට මෙම පහරදීම සිදුකර තිබේ.
සැකකරු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත් යතුරුපැදියකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.