පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
මාළු ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් හා කැස්බෑව මාර්ග බාධකයේ දී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස නිරෝධානය සඳහා යොමු කළ බව වෛද්‍යවරයා කීය.
අතුරුගිරිය, පිළියන්දල හා බදුල්ල පදිංචි එම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධනයට ලක් කර ඇත.
බිමල් ජයසිංහ