පිළියන්දල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි රැඳී සිටි වෛද්‍යවරයෙක්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කියයි .
පසුගිය 16 වෙනි දින මෙම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් ඉකුත් 24 වැනි දින අනාවරණය වීය.
අනතුරුව ඔහු ආ ගිය බව තැන් පිළිබඳ විමසීමේදී මෙම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගත් බවට අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.