2020 මහ මැතිවරණයට අදාළව පළමු ඡන්ද ප්‍රතිපලය අද මධ්‍යාහ්න 1.30 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අයහපත් කාලගුණයක් පැවැතියද අද පෙරවරු 8.00 වන විට සෑම ස්ථානයකම ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ බව මැතිවරණ කොමිෂම පවසයි.
යාපනයේ නල්ලූර්හි ඡන්ද ගණනය පෙ.ව. 7.00 වන විට ආරම්භ වී තිබුණ බවත් මැතිවරණය කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.