පිළිමතලාව නගරයේ ඇගලුම් හලේ සේවිකාවන 10 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බවත් මේ අනුව එම ඇගලුම් හලේ සේවිකාවන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.
පසුගියදා පිළිමතලාව නගරයේ ඇගලුම් හලක සේවිකාවන් 5 දෙනෙකුගේ අහඹු ලෙස කල පි සි ආර් පරික්ෂනයකට ලක් කර අතර ඉන් දෙදෙනෙකු කෝවිඩ් 19 වෛරසය ආසාදිනය වි ඇති බව තහවුරු විමත් සමග හම සේවක සේවිකාවන් සියලු දෙනා පසුගිය 16 වනදා පි සි ආර් පරික්ෂනයකට ලක් කර අතර එහි ඵ්රතිපල අද දිනයේ ලැබි ඇති අතර ඉන් 8 දෙනෙකු ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.
එම ඇගලුම් ආයතනයේ 47 ක් පමන සේවයේ නියුතු වන අතර සේවිකාවන් කිහිප දෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ තත්වයන් මතුවි ඇති බව සෞඛ්‍ය අංශ වලට පැවසිමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස මෙම සේවිකාවන් 5 දෙනෙකුගේ පි සි ආර් පරික්ෂන සිදුකර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පැවැසිය.
කෝවිඩ් වෛරසය ආසාධනය වි ඇති රෝගින් ප්‍රථිකාර සදහා යොමු කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර අනිකුත් සේවිකාවන් නිවෙස් තුලම සව්යං නිරෝධායනයට ලක් කර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පැවසිය.
චමිල් රූපසිංහ