පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව ආසන්න පදනම යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලද දරුවන් සඳහා ලබා දුන් ලේඛණයේ අඩංගු අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සිදුවීම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
රජය විසින් තොරතුරු දැනගැනීමේ පනත පවා බලාත්මක කර ඇති අවස්ථාවක ඇතැම් පාසල්වල වගකිවයුතු නිලධාරීන් සිතාමතා හෝ වගකීම් විරහිත ලෙස මෙලෙස පරස්පර ලකුණු මාපියන් අතට පත් කිරීම කිසි විටෙකත් අනුමත කළ නොහැක්කක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
තම දරුවන්ට අසාධාරණයක් සිදු වී ඇති බවට මාපියන්ට සැකයක් මතුවන ඕනෑම අවස්ථාවක දී තොරතුරු දැනගැනීමේ පනත හරහා අදාළ තොරතුරු විමසා සිටීමට ඇති අයිතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් කටයුතු කරන ලෙසත් අසාධාරණයක් සිදුව ඇති ඕනෑම අවස්ථාවක දී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මාපියන් සහ දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කැප වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.