මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ පළමු දිනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුළුව ඇමතීමට අවස්ථාව හිමිව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
පළමු දින සියලුම රාජ්‍ය නායකයන් සහභාගි වන බවත්, මෙම සමුළුවට සමගාමීව දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ගුණ සමරුවක්ද පැවැත්වෙන බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම සමරු උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර සමුළුව මේ මස 25 වැනිදා ආරම්භ වන බවද ඒ මහතා පැවසීය.