පෙළපොත් මුද්‍රණය පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ලංකා ගුරු සංගමය ගෙනයන ප්‍රචාරය පදනම් විරහිත, කරුණු හරිහැටි සොයා නොබලා ඉදිරිපත් කරන මාධ්‍ය සංදර්ශනයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පෙළපොත් මුද්‍රණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට හෝ කිසිදු රජයේ ආයතනයකට තනිව කළ හැක්කක් නොවන අතර මිලියන 40 කට ආසන්න පෙළපොත් මුද්‍රණය මීට දශක කිහිපයකට පෙර සිටම සිදුකෙරෙන්නේ පෞද්ගලික අංශයේ සහය ලබාගෙන බවත් අමාත්‍යාංශය පවසයි.
උපුටා ගැනීම
2019 වසර සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රජයේ ආයතනයක් වන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පෙළපොත් මුද්‍රණයෙන් 25% ක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
එහෙත් 2017.06.13 දින කැබිනට් රැස්වීම් වාර්තා කෙටුම්පතට අනුව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ පෙළපොත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම ලබාදිය යුතු බව තීරණය කර ඇති අතර, 2018.01.01 දින සිට එය බලාත්මක කිරීමටද තීරණය වී තිබේ.
එමෙන්ම මුද්‍රණාලයකට පෙළ පොත් මුද්‍රණය සඳහා ලබාදීමේදී අතීත කාර්ය සාධනය, මුද්‍රණ ධාරිතාව, මූල්‍යමය හැකියාව යන සාධකද තාක්ෂණ කමිටු විසින් සලකා බලන බව අවධාරණය කරමි. ඒ අනුව සාධාරණ ලෙස විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අවම ලංසු ඉදිරිපත් කළ රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශය වෙතම පෙළපොත් මුද්‍රණ කටයුතු ලබාදී තිබේ.
2019 වර්ෂය සදහා පෙළපොත් ප්‍රසම්පාදනය සඳහා මිල ගණන් කැඳවා ඇති අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවද ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබේ. එම විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පෙළපොත් වර්ග 15කින් පිටපත් 2,720,000ක් සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අවම මිල ගණන් ඉදිරිපත් කර තිබුණි.
ඊට අමතරව ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව සහ රජයේ ප්‍රසම්පාදන නීතිවලට අනුව 2019 ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය යටතේ විවෘත තරගයට ඉදිරිපත් වූ අනෙකුත් මුද්‍රණාලවලින් ලංසු ඇගයීම් ක්‍රියාවලියේ දී ඉවත් කළ තවත් පොත් වර්ග 09කින් පිටපත් 1,765,000ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ලබාදී තිබේ.
ඒ අනුව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට පෙළපොත් වර්ග 24කින් පිටපත් 4,485,000ක් මුද්‍රණය කිරීම සඳහා 2018.07.10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව පෙළපොත් මුද්‍රණයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවී ඇති අතර, සත්‍ය කරුණු හරිහැටි නොදැන දරුවන්ට කලට වේලාවට පොත් ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම අවම මිල ගණන් යටතේ හා සාධාරණ ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් මෙම වෘත්තීය සමිතිය පදනම් විරහිත කරුණු සමාජගත කිරීම කනගාටුදායක තත්ත්වයකි.”